Connect with us

පුවත්

වැඩබලන පොලිස්පතිගෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන්ට චක්‍රලේඛයක්

Published

on

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

දැනට ක්‍රියාත්මක ප්‍රජා පොලිස් සංකල්පය, කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි ක්‍රමවේද යවත්කාලීන කරමින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ශ්‍රී ලංකා පොලීසියේ දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා මහජන සහයෝගය ඉතා අත්‍යවශ්‍ය වූවක් බවත් රටට අනන්‍ය ආරක්ෂක සැලැස්මක් තුලින් මහජනයා ආරක්ෂා කිරීම සඳහා අපරාධ පාලනය හා කළමනාකරණය ඔස්සේ සමාජ සංහිදියාව පෝෂණය කිරීමේ ශ්‍රී ලංකා පොලිසියේ මෙහෙවරට මහජනයාගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කර තිබේ.

මේ සඳහා තාරුණ්‍ය සතු නිර්මාණශීලිත්වය, අධිෂ්ඨාන ශක්තිය, නව දැනුම හා මහජනයා වෙත ඉක්මනින් ප්‍රවේශවීමේ හැකියාව වැනි අංග දායක කරගත යුතු අතර එමඟින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස මහජන සහභාගිත්වය සක්‍රීය ලෙස ලබා ගැනීම සඳහා නව ප්‍රවේශයක් වශයෙන් ග්‍රාම නිලධාරි වසම් 14,022 ක් ආවරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු පිහිටුවා ඒ සඳහා පොලිස් නිලධරයන් අනුයුක්ත කරනු ලබයි.

මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ මූලික අරමුණ වනුයේ ජාතික තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්සාත් කර ගැනීම සඳහා මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම තුළින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට දායකත්වය ලබා ගැනීම, ගැටුම් නිරාකරණය හා අපරාධ වැලැක්වීම, තරුණ ප්‍රජාවේ ආත්මාභිමානය සුරක්ෂිත කිරීම තුළින් ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා දායකත්වය ලබා ගැනීම, ආගමික සමඟිය තහවුරු කිරීම, ස්වාභාවික සම්පත් තිරසර ලෙස පරිහරණය කිරීම, උපද්‍රව හා ව්‍යසන කළමනාකරණය කිරීම , ප්‍රජා සංවර්ධනය කිරීමට දායක වීම, මහජන කේන්ද්‍රීය පොලිස් සේවාවක් නිර්මාණය කිරීම, විනයගරුක හා නීතිගරුක පුරවැසියෙකු නිර්මාණය කිරීමට දායක වීම, පුරවැසියා ආධ්‍යාත්මික හා ආකල්පමය වශයෙන් සංවර්ධනය කර සමාජයේ යහපැවැත්ම තහවුරු කිරීම හා කාලීන සමාජ සංවර්ධන අවශ්‍යාතා හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට දායක වීමයි.

මෙම කමිටුවේ ප්‍රධාන කාර්ය භාර්ය වනුයේ ඉහත සඳහන් ප්‍රධාන අරමුණු සාර්ථකව ඉටු කර ගැනීම සඳහා කටයුතු කිරීම බව එම නිවේදනයේ සඳහන් වේ.

කමිටුව අවම වශයෙන් මසකට වරක් රැස්වන අතර එහිදි, ඉහත සඳහන් මූලික අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් සකස් කර ගැනීමත් වගකීම් පැවරීමත් කමිටුවේ වගකීමක් වේ.

මෙම කමිටුව සඳහා සේවයේ නියුතු විශ්‍රාමික රාජ්‍යය නිලධරයන්, විශ්‍රාමික පොලිස් නිලධාරීන් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පොලිස් වසමේ පිහිටුවා ඇති සමිති සමාගම් වල නියෝජිතයින්, යෞවන හා ක්‍රීඩා සමාජ සාමාජිකයින් තෝරාගනු ලබන අතර ඔවුන් පසුබිම් පරීක්ෂණයකට යටත් කරනු ලබයි. මෙම කමිටුවේ සාමාජිකයින්ගේ ධූර කාලය වසර 03 කි.

කමිටුව පිහිටුවීම සඳහා අදාළ පොලිස් වසමට අයත් ප්‍රාදේශීය ලේකම් හා ප්‍රදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිගේ මඟ පෙන්වීම හා දායකත්වය මෙන්ම සුදුසු ආගමික නායකයින්ගේ අනුශාසකත්වයත් ලබා ගනු ලබයි.

සෑම පොලිස් වසමකටම අයත් ග්‍රාම නිලධාරී වසම් භාරව පොලිස් නිලධාරියෙකු පත් කරන අතර මෙම මහජන ආරක්ෂක කමිටුවේ කැඳවුම්කරු ලෙස එම පොලිස් නිලධාරියා කටයුතු කරනු ලබයි.

පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සෑම මසකම තම වසමට අයත් මහජන ආරක්ෂක කමිටු වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාලෝචන රැස්වීමක් පැවැත්විය යුතු අතර දිස්ත්‍රික්කය භාර සහකාර පොලිස් අධිකාරිවරයා මාස 02 කට වරක් සමාලෝචන රැස්වීමක් පවත්වනු ලබයි.

කොට්ඨාස භාර නිලධාරින් විසින් මෙම කමිටුවේ පිහිටුවීම ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අහඹු ලෙස පරීක්ෂාවට ලක් කරන අතර කාර්ය සාධනය වැඩි කරවීම සඳහා උපාය මාර්ග සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් කමිටු වල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම තුලින් අපරාධ කළමනාකරණය, මහජන විශ්වාසය ගොඩනැගී ඇතිද යන්න විශ්ලේෂණය කරනු ලබයි.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved