Connect with us

පුවත්

වැඩිපුර ගෙවූ මුදල් ගෙවන්න බෑ කියූ අමු අහාර සැපයුම්කරු ගැන හෙළිදරව්වක්

Published

on

බංකලොත් බව ප්‍රකාශ කරමින්, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් වැඩිපුර ගෙවූ මුදල් නැවත ගෙවීම ප්‍රතික්‍ෂේප කළ අමු අහාර සැපයුම්කරුවෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේම තවත් ආයතනයක සැපයුම්කරුවක් ලෙස කටයුතු කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනුකාරක සභාවේදී අනාවරණය විය.

ප්‍රසම්පාදන කමිටුවේ තීරණය නියමිත පරිදි ගිවිසුම් කොන්දේසි වලට ඇතුළත් නොකිරීම නිසා අදාළ සැපයුම් කරුගෙන් එම හිඟ මුදල් ලබා ගැනීම ගැටලුකාරීවී ඇති බව විගණන නිලධාරීහු පැවසුහ. කෙසේ වෙතත් බංකලොත් බව ප්‍රකශ කළ සැපයුම්කරුවෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශයේම වෙනත් ආයතනයක සැපයුම් කරුවෙක් ලෙස කටයුතු කිරීමට ඉඩ ලබාදී ඇත්තේ කෙසේද යන්න සභාපතිවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. තවදුරටත් අදාළ හිඟ මුදල් නොගෙවූ සැපයුම් කරුවන් ආරක්ෂා නොකොට ඔවුන්ගෙන් අයවිය යුතු හිඟ මුදල් කඩිනම් අයකර ගැනීමට  නිසි වැඩ පිළිවෙලක් සකස් කරන  ලෙස අනු කාරක සභාව සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස්  ලබා දෙන  ලදී.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ රෝහල් කළමනාකරණය හා කාර්ය මණ්ඩල කළමනාකරණ පිළිබඳ ඉතිරි විගණන ජේද පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ සභාපතිත්වයෙන් මෙම අනු කාරක සභාව 2023.11.09 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

සියලුම  රජයේ ආයතන, ඇඟිලි සලකුණු යන්ත්‍ර  ඔස්සේ  කාර්ය  මණ්ඩල පැමිණීම හා  පිටවීම සනාථ කරන ලෙස  2017 වසරේ  රාජ්‍ය පරිපාලන  චක්‍රලේඛය ප්‍රකාරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 31.08ක් වැය කරමින් ස්ථාපිත කර තිබුණු ඇඟිලි සලකුණු යන්ත්‍ර 213 භාවිතයට නොගෙන  නිෂ්ක්‍රීය මට්ටමේ පැවතීම පිළිබඳව අනුකාරක සභාව ප්‍රශ්න කරන ලදී. එහිදී සෞඛ්‍ය සේවකයන් ඇඟිලි සලකුණු තබා සේවයට පැමිණීම ප්‍රතික්‍ෂේප කරනුයේ කුමන හේතුවක් මතද යන්න සභාපතිවරයා විමසා සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු සේවකයින්ගේ විරුද්ධත්වය හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බවත් නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ඇඟිලි සලකුණු යන්ත්‍ර  භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රකාශ  කලහ. පොදු ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා දුෂණ වලින් තොර සේවාවක් බවට පත්කිරීමට ගනු ලබන  ක්‍රියාමාර්ග වෙනුවෙන් සෞඛ්‍ය සේවයද  එක්විය යුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා  ඒ යටතේ පවතින රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතන සතු ඉඩම්වල හිමිකම් ඔප්පු, මිනින්දෝරු සැලසුම්, තක්සේරු කිරීම් වල ගැටලු පිළිබඳව මෙන්ම අතර මග නවතා දමා ඇති ගොඩනැගිලි  ඉදිකිරීම් සම්බන්ධයෙන්ද අනුකාරක සභාව නිලධාරීන්ගෙන්  ප්‍රශ්න කරන ලදී. එහිදී සුදානමකින් තොරව අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සඳහා අනු කාරක සභාව හමුවේ පෙනීසිටි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට අනු කාරක සභාවේ දැඩි අප්‍රසාදය හිමිය.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved