Connect with us

පුවත්

වැඩිම පාසැල් සිසුන් ගණනක් පාර්ලිමේන්තු ගිහින් තියෙන්නෙ ඊයේ (ඡායා)

Published

on

පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වාර්තාගත වැඩිම පාසැල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා ඊයේ (01) පැමිණි බව වේත්‍රධාරි නරේන්‍ද්‍ර ප්‍රනාන්‍දු මහතා පැවසීය.

ඒ අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින්, පැසැල් 32 කට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000 කට අධික පිරිසකට අද දවසේදී පාර්ලිමේන්තුව නැරඹීමේ අවසරය ලබා දී ඇති බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

ලෝක පාර්ලිමේන්තු සමග සැසඳීමේදී ද, එක් දිනක් තුළ මෙපමණ පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම වාර්තාවක් විය හැකි බවද තවදුරටත් වේත්‍රධාරිවරයා සදහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා තබන ලද මහජන ගැලරිය පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පසුගිය සැප්තැම්බර් 19 වන දින සිට නැවත විවෘත කිරීමෙන් පසු 25,000 කට වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිහිටි පාසැල් නියෝජනය කරමින්, පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පැමිණ ඇත.

තවද, 2023 වසරේ ජනවාරි මාසයේ සිට පාර්ලිමේන්තුව නැරඹීම පිණිස පැමිණෙන සෑම පාසැල් සිසුවෙකුටම, නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද, ඒ මහතා සඳහන් කරයි.

මෙම කර්තව්‍යය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ගත් ඒකමතික තිරණය අනුව කථානායක, සභානායක, ආණ්ඩු පාර්ශ‍්වයේ ප්‍රධාන සංවිධායක සහ විරුද්ධ පාර්ශ්වයේ නායක ඇතුළු සියලු පක්ෂ නායකයින්ගේ ආශිර්වාදය මත සිදුකෙරෙන සද් කාර්යයක් බවද, නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සඳහා කිසිඳු පැකිලීමකින් තොරව අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය මගින් ලබා දීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තිරණය කිරීම සුවිශේෂී කරුණක් බවද, වේත්‍රධාරිවරයා සදහන් කළේය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved