ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති – චී ජන්හොං මහතා ඊයේ (09දා) කොළඹ අරලියගහ මන්දිරයේදී මෙරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව හමුවී තිබේ.
චීන අග්‍රාමාත්‍ය ලී චියෑං මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත නව වසර වෙනුවෙන් සුභාශිංසන පතමින් යොමු කළ සුබපැතුම්පතක් මෙහිදී තානාපතිවරයා විසින් භාරදී ඇත. චන්ද්‍ර දිනදර්ශනයට අනුව මෙය ’මකරාගේ වසර’ වන අතර, එය වඩාත් සුභ වසරක් ලෙස චීන ජාතිකයන්ගේ විශ්වාසයයි.
ශ්‍රී ලංකාව තුළ පවතින දුෂ්කරතා මඟහරවා ගැනීමට ඇති හැකියාව දැකීමට සතුටු වන බව පැවසූ තානාපතිවරයා, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයන්ට චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දීමටද සහතික විය.
ඉහළ අස්වැන්නක් ලබා දෙන සහල් වගාව සංවර්ධනය කිරීම පිළිබඳ චීන විශේෂඥ දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමේ වැඩසටහනක් චීනය විසින් ආරම්භ කරන බවත් එය ඉදිරි යල කන්නයේදී දියත් කරන බවත් චීන තානාපතිවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා සහ චීන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.