පුවත්

වැඩි වන ඊශ්‍රායල – පලස්තීන් ගැටුම් ගැන ලංකාවේ කනස්සල්ල

Published

on

ඊශ්‍රායලය සහ පලස්තීනය තුළ ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාව සිය දැඩි කනස්සල්ල පළ කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ප්‍රචණ්ඩත්වය වහාම නවතා දමන ලෙසත් තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ටෙල් අවිව් සහ රමල්ලා හි ශ්‍රී ලංකා දූත මණ්ඩල මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර විපතට පත් ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සබඳතා පවත්වන බවත් සුළු තුවාල ලැබූ එක් ශ්‍රී ලාංකිකයෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

1967 වර්ෂයේ ස්ථාපිත දේශසීමා මත පදනම්ව ජීවත් වන ජනතාව සිටින මෙම රාජ්‍යයන් ද්විත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර එකඟතාව සහිත පරාමිතීන්ට අනුකූල සාකච්ඡාමය විසඳුමකට එළඹීමට සහය වීම සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටින බවත් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් තම සමීපතමයන් අහිමි වූ සහ විපතට පත් පවුල්වලට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version