Connect with us

පුවත්

වැල්ලවත්ත පොලිසියට එරෙහි රවී සෙනවිරත්නගේ පෙත්සම විසිකරයි

Published

on

ඉකුත් වසරේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) තීන්දු කළේය.

මෙම පෙත්සම ඊයේ එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිස්නා වර්ණකුල මහත්මිය ඉදිරිපත් කළ මූලික විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට පටහැනි ආකාරයෙන් ගොනුකර තිබෙන බව පෙන්වා දුන්නාය.

මෙම පෙත්සම මූලික අයිතිවාසිකම් පෙත්සමක් වුවත් එය අභියාචනා පෙත්සමක ඇතුළත් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව එය විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය තර්ක කළාය.

රවී සෙනවිරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවී වෛද්‍යලංකාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම දෝෂය තාක්ෂණික දෝෂයක් බවත් එය නිවැරැදි කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුරෙයි රාජා මහතා පෙන්වා දුන්නේ මෙම පෙත්සම ගොනුකර මේ වන විට වසරකට වැඩි කාලයක් ගතව තිබෙන බවයි. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව මෙම පෙත්සම ගොනුකර නොමැති බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් නියෝග කළහ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර රවී සෙනෙවිරත්න මහතා කියා සිටින්නේ ඉකුත් වසරේ ඔක්තෝබර් මස 28 වනදා වැල්ලවත්ත පොලිස් වසම තුළ බීමත්ව රිය පදවා අනතුරක් සිදුකළ බවට චෝදනා කරමින් වැල්ලවත්ත පොලිසිය විසින් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

ඇප මත මුදා හැරීමට නීතියෙන් හැකියාව තිබියදී තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් පොලිසිය විසින් උල්ලංඝනය කළ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved