වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් නෙත්තමළුව කඳු රක්ෂිතයේ ඊයේ (27) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබේ.
ගින්න ඊයේ රාත්‍රි කාලය පුරාවටම කඳු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර රක්ෂිතයේ අක්කර විස්සකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.
ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර ගින්න අද අලුයම වන විට පාලනය වී තිබෙන නමුත් තැනින් තැන තවමත් ගිනිගැනීම් දක්නට ලැබෙන බව සඳහන්ය.
ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු ව ඇත.