පුවත්

වැලැන්ටයින් තොරණට ජපුරේ සිසුන් දෙපිරිසක් ගැටෙති!

Published

on

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද (15) අලුයම ගැටුමක් හටගෙන තිබේ.

කළමනාකරණ සහ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගැටුමකට හේතු වී ඇත්තේ, වැලන්ටයින් දිනයේදී ඉදි කළ තොරණක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකි.

පසුව පොලීසිය මැදිහත්ව සිසුන් පිරිස විසුරුවා හැර ඇති අතර තුවාල ලැබූ සිසුන් පිළිබඳ මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැත.

Trending

Exit mobile version