Connect with us

පුවත්

වැවිලි සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැරලා!

Published

on

වතු ක්ෂේත්‍රයේ වැවිලි සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැර ඇති බවත් හිග මුදල් විශාල ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට ඇති බවත් විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.

වතු ක්ෂේත්‍රයේ සමාගම් විසින් ගෙවන ලද මුදල් රුපියල් මිලියන 700ක පමණ ප්‍රමාණයක් පිළිබඳ ලබාදී ඇති තොරතුරුවල පරස්පරතා හේතුවෙන් ගිණුම්ගත කිරීමට නොහැකි වී ඇති බවත් කාරක සභාව හමුවේ හෙළි විය.

මෙම කරුණු සාකච්චා වූයේ විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී – හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූනි 22 වැනිදා රැස් වූ අවස්ථාවේදීය.

සේවකයන්ව ආරක්ෂා කරමින් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට ඇති හිග මුදල් සහ වර්තමාන මාසික ගෙවීම් කටයුතු ක්‍රමානුකුලව සිදු කරගෙන යාමට කටයුතු කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් වැවිලි සමාගම් නියෝජිතයන්ට උපදෙස් දෙන ලදී.

එමෙන්ම ජාතික හැඳුනුම්පත් අංකයට අනුව ගිණුම් ආරම්භ කිරීම මගින් එකම පුද්ගලයෙකුට ගිණුම් කිහිපයක් තිබීමේ ගැටළු මගහරවා ගැනීමට හැකි බවත් ඒ සඳහා අවධානය යොමු කර ක්‍රියා කරන ලෙසත් කාරක සභාව නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය.

එස්.එම් මරික්කාර්, ඉෂාක් රහුමාන්, මහින්දානන්ද අලුත්ගමගේ, වඩිවෙල් සුරේෂ්, වේලු කුමාර්, කේ. සුජිත් සංජය, එම්. උදයකුමාර්, වෛද්‍ය සීතා අරබේපොල, චන්දිම වීරක්කොඩි සහ තුෂාර ඉඳුනිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මෙම රැස්වීමට සහභාගී වුහ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්වරයා, කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන්, මහබැංකුවේ සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වතු ක්ෂේත්‍රයේ වැවිලි සමාගම්වල නියෝජිතයින්ද මෙම රැස්වීමට සහභාගී විය.  

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved