වැස්සත් සමග පාචනය රෝගය වැඩි වීමේ ප්‍රවණතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටී.
වර්ෂාවත් සමග ජල මූලාශ්‍ර දූෂණය වීමේ අවදානමක් පවතින හෙයින් වෙසක් බීම දන්සැල් පැවැත්වීමේදී පිරිසිදු ජලය භාවිතා කරන ලෙස ඔහු ඉල්ලීමක් සිදුකරයි.
පසුගිය වර්ෂ හා සැසඳීමේදී මෙවර දන්සැල් ලියාපදිංචි කිරීමේ අඩුවක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
කොළඹ මහ නගර සභා සීමාවේ දන්සල් පරීක්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 47ක් යොදවන බව කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීකෂක සමන්ත කුමාර මහතා පවසයි.
බව ඔහු සඳහන් කලේ මේ වන විට දන්සැල් 200කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බවය.
ඒ අනුව වෙසක් පෝය දිනට පෙර දින දක්වාම සෑම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයකම දන්සැල් ලියාපදිංචි කිරීම සිදුකරයි.