Connect with us

පුවත්

වැස්සෙන් පීඩාවට පත් ධීවරයින්ට කඩිනමින් සහන

Published

on

පැවති අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

අයහපත් කාලගුණයෙන් පොතුවිල් ප්‍රදේශයේ ධීවර ප්‍රජාවට සිදු වු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේය.

“පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය මත මේ රටේ, සමස්ත ජනතාව මහා පීඩාවකට ලක්වුණා විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල. එම පළාත්වල ධීවරයින් දැඩි ලෙස මේ අර්බුදයට මුහුණපෑවා. ඒ අවස්ථාවේ අපි දැක්කා යාත්‍රා 16ක් මුළුමනින්ම විනාශ වෙලා. ධීවර පවුල් රැසකට තමන්ගේ ජීවන මාර්ගය අහිමිවෙලා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා දැනුම්වත් කරලා තිබුණා. ඒ මත ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මැදිහත් වෙලා මේකට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න සුදානමින් ඉන්නවා. ග්‍රාම නිලධාරීන්ට දැනුම් දුන්නා මේ මොහොතේ තමන්ගේ රැකියා අවස්ථා අහිමි වුණ පවුල් ගැන ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙතින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට යොමු කරන්න කියලා. ඒ වගේම හානියට පත්වු ධීවර යාත්‍රා ගැනවලට යම් අස්වැසිල්ලක් ලබාදෙන්න අපි සුදානම් වෙලා තියෙනවා.”

මේ අතර පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් හානි වු මාර්ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස්කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අයහපත් කාලගුණයෙන් ඇති වු බලපෑම් හේතුවෙන් දිවයිනේ මාර්ග සහ පාලම් රැසක් හානි සිදුවී ඇති බවට තොරතුරු වාර්තාවන බව එම අධිකාරිය පවසා සිටියේය.

මේ හේතුවෙන් අදාළ මාර්ග පිළිබඳව තොරතුරු රැස්කර ඒවා කඩිනමින් යළි පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්.පී . සූරියබණ්ඩාර මහතා සඳහන් කලේය.

එමෙන්ම වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත්ව ගමනාගමනය නවතා තිබු මනම්පිටිය – අරලගංවිල මාර්ගය ද ඉතාමත් කෙටිකාලයක් තුළ යළි ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වු බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පුවත්

රුහුණු මහා කතරගම දේවාලයේ දෙවන පෙරහර අදයි

Published

on

By

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන පෙරහර අද රාත්‍රී 7.30ට යෙදෙන සුබ මොහොතින් වීථී සංචාරය කිරීමට නියමිතය.
 
පෙරහර මංගල්‍ය ලබන මස 10 වනදා දක්වා පැවැත්වෙන අතර, දිය කැපීමේ මංගල්‍ය ඊට පසුදින සිදු කිරීමට නියමිතය
 
පොලිස් මූලස්ථානය සඳහන් කළේ, බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථ වාහන පාලන කටයුතු සදහා පොලිස් නිලධාරී 1050ක පිරිසක් යොදවා ඇති බවය.
 
මීට අමතරව පානම සිය යාල රක්ෂිතය හරහා පෙරහර මංගල්‍යයට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සුභ සාධන කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ සහය ද ලබාදී තිබේ.

Continue Reading

පුවත්

උඩරට දුම්රිය ධාවනයට බාධා

Published

on

By

රඹුක්කන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය කටයුතු සඳහා බාධා එල්ලවී තිබේ.

කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටල දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට සම්පූර්ණයෙන්ම බාධා එල්ලවී ඇති අතර බස් රථ යොදවා මගීන් ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුකරන බවද දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මේ වනවිට පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණ ද ඒ් සඳහා තවත් වේලාවක් ගතවෙනු ඇති බවද ඔහු සඳහන් කළේය. 

Continue Reading

පුවත්

අනුරාධපුර රෝහලේ  අසූචි මිශ්‍ර ජලය මල්වතු ඔයට!

Published

on

By

අනුරාධපුර ශික්ෂණ රෝහලේ එකතුවන රෝගීන්ගේ මල මූත්‍රා සහිත අපවිත්‍ර ජලය අවිධිමත්ව බැහැර කිරීම තුළින් ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගතවීමේ අවදානමක් මතුවී ඇති බව ප්‍රදේශවාසිහු පවසති.

ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් සඳහන් කළේ, රෝහලෙන් මුදාහැරෙන අපවිත්‍ර ජලය නගරයේ මධ්‍යම කානු පද්ධතිය හරහා අනුරාධපුර මල්වතු ඔයට එකතුවීමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය.

මෙම තත්ත්වය හමුවේ ස්වභා උයන ආශ්‍රිත ප්‍රදේශය තුළ දැඩි දුර්ගන්ධයක් පවතින බැවින් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට ගැවසිය නොහැකි තත්ත්වයක් ද උද්ගතවී ඇත.

එසේම මෙම අපවිත්‍ර ජලය මල්වතු ඔයට එකතුවීමෙන් එහි දියනෑමේ නිරත ප්‍රදේශවාසින්ට මෙන්ම සංචාරකයින්ට ද සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බව ප්‍රදේශවාසින් පෙන්වා දෙයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මනුෂ්‍යත්වය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමි පැවසුවේ මෙම ගැටලුව විසඳීමට වගකිවයුතු බලධාරින් කඩිනමින් කටයුතු නොකළහොත් නුදුරේදීම ප්‍රදේශය ආශ්‍රිතව සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවිය හැකි බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved