පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව හෙට(10) දිනයට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙයි.
මහ වැසි හේතුවෙන් විනාශ වූ බවට සැලකෙන ගොවි බිම් ප්‍රමාණය අක්කර 390,000කට වඩා වැඩිය.
මේ තත්ත්වය නිසා මහකන්නයේ අස්වැන්න 10%ක පමණ ප්‍රමාණයක් අඩුවිය හැකි බවට විද්වතුන් මත පල කරයි.
අම්පාර, මොණරාගල , මඩකලපුව, ත්‍රිකුණාමලය, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වගා බිම් එලෙස විනාශ වූ අතර ඉන් වැඩිම බලපෑම සිදු වුණේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ වී වගාවටය.
මේ වන විටත් නිලධාරීන් ගොවිබිම් වෙත ගොස් හානි ඇස්තමේන්තුගත කිරීම ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කලේය.
පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් ගෙවන බව රජය මීට පෙර පැවසීය.
සමස්ථ වගා හානි සඳහා වන්දි ලබා දීමට රජය මේ වනවිට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1,000කි.