Connect with us

පුවත්

වැසි තත්ත්වයේ වැඩි වීමක්

Published

on

අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය.

ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර,

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

පුවත්

ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට දුරකතන අංකයක්

Published

on

By

කොළඹ මහ නගර සීමාවේ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 011 2696594 දුරකතන අංකයට එම තොරතුරු දැනුම් දිය හැකියි.

කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, නාගරික සීමාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ඊයේ ආරම්භ කළ බවයි.

කණ්ඩායම් 60ක් ඒ සඳහා පත් කර තිබේ.

වසරේ ගතවූ කාලය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,576 කි.

මේ අතර ජාතික ඩෙංගු මර්දන සතියේ පස් වැනි දිනය අදයි.

ඊයේ දිනයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 6370ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

Published

on

By

මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙනවිත් තිබේ.

ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

Continue Reading

පුවත්

ආමි උපුල් වෙඩි තබා ඝාතනය කරලා

Published

on

By

රාගම, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවත ප්‍රදේශයේ  ඊයේ රාත්‍රි 10.30 ට පමණ සිදු කළ වෙඩි තැබිමකින් ආමි උපුල් නැමති සංවිධානාත්මක අපරාධකරු මියගොස් තිබේ.

ඔහු නිවස අසළ සිටියදී  ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය කියයි.

මේ වෙඩි තැබීම පිස්තෝලයකින් සිදු කර තිබේ.

45 හැවිරිදි ආමි උපුල් නැමැත්තා ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකි.

ඔහු යුධ හමුදාවේ හිටපු සෙබළෙකු බවද පොලිසිය පැවසුවේ ය.

රාගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved