දිවයිනේ බොහෝ පළාත්වලට අද (10) පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව නිවේදනය කර ඇත.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර උතුරු පළාතේ හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.