බලපා ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ වික්ටෝරියා ජලාශය විදුලිය නිෂ්පාදනයට උපරිම ධාරිතාවෙන් යොදාගතහොත් එහි උත්පාදන හැකියාව දින 30කට පමණක් බව මාධ්‍ය වාර්තා කර තිබේ.
වික්ටෝරියා ජලාශයේ උපරිම ජල මට්ටමේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 438කි.
එහෙත් එම ජලාශයේ ජල ධාරිතාව ද පහළ ගොස් ඇති අතර, ජලාශයේ උපරිම ජල මට්ටම මේ වන විට පවතින්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 409.7ක මට්ටමකය.
එම ජලාශයෙන් විදුලිය නිපදවිය හැක්කේ, උපරිම ජල මට්ටමේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 380ට ඉහළින් පවතින විට පමණි.
උපරිම ජල ධාරිතාවක් පවතින අවස්ථාවක ගිගාවොට් පැය 06ක් හෝ 08 ක් අතර විදුලිය නිෂ්පාදනය කළ හැකි අතර, ඊට ජලය ඝණ මීටර් මිලියන 13ක් 14ක් අතර ප්‍රමාණයක් ජලාශයෙන් මුදා හැරේ.
පසුගිය දිනවල ගිගාවොට් පැය 01කටත් වඩා අඩුවෙන් විදුලි නිෂ්පාදනය සඳහා ජලය මුදාහැරුණ ද නොරොච්චෝලේ බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් බිඳැවැටීමත් සමඟ එම අඩුව පිරවීම සඳහා ඊයේ (09) දින සිට ජලාශයෙන් විදුලිය ගිගාවොට් පැය 2.5ක් නිෂ්පාදනය සඳහා ජලය ඝණ මීටර් මිලියන 6.5ක් මුදා හරිනු ලැබේ.