වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් අද (05) ප.ව. 7.00ට විවෘත කර ඇති බව එහි ප්‍රධාන ඉංජිනේරුවරයා දැනුම් දෙයි.
එබැවින් පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසද බලධාරීන් දැනුම් දෙනු දී ඇත.
මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 5කට නායයෑම අනතුරු ඇගවීම්ද සිදු කර ඇති අතර, බදුල්ල (පස්සර), මහනුවර (උඩුදුම්බර), නුවරඑළියට (අඹගමුව) 2 වැනි මට්ටමේ නායයෑමේ අනතුරු ඇගවීම් සිදු කර ඇත.
බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොණරාගල දිස්ත්‍රික්කවලට විමසිලිමත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.