එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නිව්ලන්ඩ් මහත්මිය ලබන සතියේ ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව සහ කටාර් යන රටවල නිල සංචාරයක නිරතවීමට නියමිතය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ උප රාජ්‍ය ලේකම් නුලන්ඩ් 2023 ජනවාරි 28 සිට පෙබරවාරි 3 දක්වා නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ කටාර් යන රටවල සංචාරය කරන බවයි.
සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර, උප ලේකම් නිව්ලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරයට සමගාමීව එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතාවල 75 වැනි සංවත්සරය ශක්තිමත් කිරීම සඳහා ද එක්වීමට නියමිත බව පැවසේ.