Connect with us

පුවත්

“විගණකාධිපති තනතුරට පිටින් කෙනෙක් ගේන්න හදනවා”

Published

on

මේ වන තෙක් විගණකාධිපති තනතුර සඳහා පත් කිරීමක් සිදුකර නොමැති බවත්, ඊයේ (20) ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව කථානායකවරයා දැනුම් දුන්නද ඒ පිළිබඳ අවසන් තීරණයකට මෙතෙක් පැමිණ නොමැති බව දැනගන්නට ලැබී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

අද (21) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටි අතර එහිදී මන්ත්‍රීවරයා චෝදනා මුඛයෙන් සඳහන් කළේ විගණකාධිපති සේවයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා සිටිය දී ඒ සඳහා බාහිරින් පුද්ගලයෙකු පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවය.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

“තාම විගණකාධිපතිවරයෙක් පත් කරලා නැහැ. ඊයේ කථානායකතුමාට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළාම කිව්වා, ඊයේ පත් කරනවා කියලා. දැන් අපිට ආරංචි වෙලා තිබෙනවා, පෙරේදා එක්කෙනෙක් ඒකට ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා කියලා. රජයේ ජ්‍යෙෂ්ඨතම විගණකාධිපති සේවයේ පුද්ගලයා ඉන්දැද්දී, වෙන කෙනෙක් දේශපාලනිකව ගේන්න හදනවාද කියලා මේ ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා ආණ්ඩුවෙන්.“

“මොකද විගණකාධිපතිවරයා කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒ ස්වාධීන ආයතනයේ අපි බලාපොරොත්තු වෙන දේවල්, ඉෂ්ට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක මම වැඩි වශයෙන්ම සඳහන් කරන්නේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා හැටියට.“

පුවත්

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ (සජීවී විකාශය)

Published

on

By

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (23) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය.

මැයි මස දෙවැනි රැස්වීම් සතියේ සිව්වැනි රැස්වීම් දිනය අද යි.

අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද පැවැත්වේ.

අපරාධ නඩු විධාන සංග්‍රහ සංශොධන පනත් කෙටුම්පතට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.

Continue Reading

පුවත්

මීළඟ පියවර ගැන IMF මතක් කරයි

Published

on

By

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් (Julie Kozack) පෙන්වා දෙන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් IMF එකඟතා සම්පූර්ණ කළ යුතුව ඇති බවය.

ඇය මේ බව සඳහන් කළේ සති පතා පැවැත්වෙන IMF තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට එළඹීම සඳහා ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කරුණු 2ක් අවධාරණය කරන ජුලි කොසැක් වැඩිදුරටත් සඳහන් කරන්නේ, පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට ශ්‍රී ලංකා රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

Published

on

By

වැඩබලන විගණකාධිපති වශයෙන් කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

ඊයේ (22) පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාගේ යෝජනාවට මෙම අනුමැතිය ලබාදෙන ලදී.

හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු එම තනතුර මේ වනවිට දින 44ක් පුරප්පාඩුව පවතී.

නව විගණකාධිපති සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යෝජනා කරනු ලැබූ නමට ව්‍යවස්ථා සභාවේ එකඟතාවය හිමි නොවීය.

එබැවින් වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ව්‍යවස්ථා සභාව වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරනු ලැබූ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved