Connect with us

පුවත්

විගණනයෙන් හෙළිවුන මිලියන ගණනක පාඩුව

Published

on

විද්‍යාත්මක පදනමකින් හා අවශ්‍යතා විශ්ලේෂණයකින් තොරව ඉන්දියාවෙන් බස් රථ මිලදී ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 3010ක් අමතරව ගෙවීමට සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

ඒ, විගණකාධිපති දෙපාර්තමේන්තුව 2023 වසරට අදාළ වාර්ෂික විගණන වාර්තාව නිකුත් කිරීමත් සමගය.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් ගෙවා එම බස් රථ මිලදී ගෙන තිබේ.

ආසන 54 සහ ආසන 35 බැගින් වූ බස් රථ 500ක් මිලදී ගැනීමට ප්‍රසම්ප්‍රාදන කටයුතු ආරම්භ වී තිබුණේ, 2018 වසරේ ලබාදුන් අමාත්‍ය මණ්ඩල අනුමැතියකට අනුවය.

එහෙත්, 2020 වසරේ පැවති ආණ්ඩුව ගත් නව ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ඒ වෙනුවට බස් රථ 600ක් ගෙන්වීමේ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ වී තිබේ.

ආසන 45 සහ ආසන 35 බැගින් වූ බස් රථ, ඊට ඇතුළත්ය.

ඒ අනුව සැලසුම් කළ බස් රථ ගණනට වඩා බස් රථ සියයක් වැඩියෙන් මිලදී ගැනීමට ප්‍රසම්පාදන කටයුතු සිදුකර තිබේ.

එම සියලු ප්‍රසම්පාදන ක්‍රියාවලින් බැහැරව 2023 වසරේදී නව බස් රථ 500ක් මිලදී ගෙන තිබුණේ, අමාත්‍ය මණ්ඩල අනුමැතියකිනි.

අමෙරිකානු ඩොලර් 26 662.5 ක මුදලකට ආසන 32 ක් සහිත බස් රථයක් මිලදී ගෙන තිබුණි.

ඒ අනුව බස් රථ 500ක් සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් එක් කෝටි තිස් තුන් ලක්ෂ එකොළොස්දහස් දෙසිය පනහකි.

ඒ අනුව ශ්‍රී ලංකා මුදලින් එක් බස් රථයක වටිනාකම, රුපියල් මිලියන 11.2 ක් පමණ වන බව විගණන වාර්තාවෙන් පෙන්වා දෙයි.

එය, 2018 වසරේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත මිලදී ගැනීමට සැලසුම් කළ බස් රථයක් සඳහා වැය වන මුදලට වඩා රුපියල් මිලියන 6.2 ක වැඩිවීමකි.

පුවත්

2024 උ / පෙළ ප්‍රතිඵල නිකුත් වේ

Published

on

By

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.

Continue Reading

පුවත්

NPP ගිවිසුම් නිසා ලංකාව ජිහාඩ් තර්ජනයක (වීඩියෝ)

Published

on

By

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වය හමුවේ ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බවත්, එය ජිහාඩ් කල්ලිවල ඉලක්කයක් බවට රට පත් කළ හැකි බවත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මහරගම නගර සභාව වෙනුවෙන් පළාත් පාලන ජන්දය සඳහා සිය පක්ෂයෙන් ඉදිරිපත් කර සිටින අපේක්ෂකයන්ට සහාය දැක්වීමට සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

එහිදී දළදා ප්‍රදර්ශනයේ දී ජාතික ජන බලවේගයේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් මහජනයා මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ ව ද රණවක මහතා මෙහි දී අවධානය යොමු කළේ ය. 

“සාංඝික දානයක් වත් දීපු මිනිහෙක් ද මේ ජනාධිපති? ගෙදර සාංඝික දානයක් දීපු කෙනෙක් ද මේ අගමැතිතුමිය? මේගොල්ලන්ට පුළුවන් ද, දළදා මංගල්‍යය වගේ දෙයක් කරන්න?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළ අතර, 

එවැනි අත්දැකීම් නොමැති පිරිසක් නිසා මහනුවර “එක ම කහළ ගොඩක් එක ම අසූචි ගොඩක්, එක ම මුත්‍රා ගොඩක් බවට පත් වෙලා” යැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

මෙය ජාතික ජන බලවේගයේ “වැඩ බැරි කම” පෙන්නුම් කරන බවත්, ඔවුන්ගේ පාලනය යටතේ වන්දනාකරුවන්ට පවා පොලිසිය හා හමුදාව යොදවා නතර කිරීමට සිදු ව ඇති බවත් ඔහු පැවසීය

Continue Reading

පුවත්

රත්නපුර රෝහලේ සේවකයින් 166කට ඩෙංගු

Published

on

By

රත්නපුර ශීක්ෂණ රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

ජනවාරි සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,465ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.

වසරේ ගතවූ කාලය තුල මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 14,600කට අධිකය.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක වලිනි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved