ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත් දා කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ වාරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි