පුවත්

විජයදාසට එරෙහි වාරණය යළි දිර්ඝ කෙරේ

Published

on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට පැනවූ වාරණය ලබන 28 දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය විසින් අද (14) නියෝග කරන ලදී.

දුමින්ද දිසානායක මහතා විසින් සරත් ඒකනායක, කීර්ති උඩවත්ත හා විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී වාරණ නියෝගය මෙසේ දීර්ඝ කලේය.

වාරණ නියෝගයට එරෙහි විත්තියේ විරෝධතා සහ උත්තර ජූලි මස 18 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය විසින් දන්වා සිටින ලදී.

Trending

Exit mobile version