පුවත්

විජේදාස රාජපක්ෂ ඉවත් කිරීමේ සූදානමක්

Published

on

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයක සභාපතිවරයා ලෙස කටයුතු කරන බැවින් ඔහුට එරෙහිව කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

අද (07) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පලකලේය.

සාගර කාරියවසම් මහතා පවසන්නේ විජේදාස රාජපක්ෂ මහතා එලෙස වෙනත් පක්ෂයක සභාපති ධූරය ලබාගත් බව ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවයි.

එබැවින් මේ සම්බන්ධයෙන් වන කටයුතු විනය මණ්ඩලයට අද දිනයේ යොමු කළබවත් ඒ පිළිබදව ඉදිරියේදී කටයුතු කර විජේදාස රාජපක්ෂ මහතා පිළිබදව ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

විජේදාස රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බවට මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය නිවේදනය කර තිබුණි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග කිහිපයක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශවය ගෙන ඇති බැවින් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුද රැසක් මධ්‍යයේ පවතී.

Trending

Exit mobile version