ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ගේ පුත් උවිඳු විජේවීර මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ.
උවිඳු විජේවීර දෙවැනි පරපුර දේශපාලන පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කරන අතර, ඔහු මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ එම පක්ෂයේ සංවිධාන කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර තිබීම හේතුවෙන් මෙසේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බවද පැවැසේ.
මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක නාමල් රාජපක්ෂ මහතා ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවට පැතිර යන ආරංචිය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබුණද බොහෝ විට එය සිදුවිය හැකි බව ද මේ අතර වාර්තා වේ.