පුවත්

විජේ 22 අත්හිටුවයි!

Published

on

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (18) උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා ලැබී තිබිණි.

මේ අතර, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මාධ්‍යට පවසා ඇත්තේ ජනාධිපතිවරණය කල් දැමීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බවට ජනතාව අතරේ බියක් ඇති වී තිබෙන හෙයින් එම බිය දුරු කිරීම සඳහා තමා මෙම පියවර ගත් බවයි.

ඡන්දය කල් දැමීම සඳහා විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කර ගැනීමට උත්සාහ දරන බවට විපක්ෂයෙන්ද පසුගියදා චෝදනා එල්ල කෙරිණ.

Trending

Exit mobile version