Connect with us

පුවත්

විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගයට දින නියම වෙයි

Published

on

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටින විත්තිකරුවන් හය දෙනා එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාගය ජනවාරි මස 20 වනදා පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

මෙම අභියාචනා පෙත්සම් ඊයේ (30) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම නඩුවට සම්බන්ධ එක් විත්තිකරුවකු මියගොස් සිටින බව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආරුමුගම් රගුපති මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන කළ ලේඛන ලැබීමේ ප්‍රමාදය නිසා මෙම විත්තිකරුවන් වසර 08කට අධික කාලයක් නිකරුනේ බන්ධනාගාර ගතව සිටින බව සඳහන් කලේය.

එම අවස්ථාවේදී සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට අදාළ පරිවර්ථන කළ ලේඛන කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවය.

මෙම විත්තිකරුවන් මිනීමැරීම, ඊට කුමන්ත්‍රණය කිරීම හා නීතිවිරෝධී ජනරාශිය යනාදී චෝදනාවලට වරදකරු වී සිටින බව සඳහන් කළ සොලිසිටර් ජෙනරාල්වරිය විත්තිකරුවන් දෙදෙනෙකු යාපනය මහාධිකරණයේ පැවති නඩු විභාගයේදි නිදහස් කර තිබූ බවත් සඳහන් කලේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුකරයට අදාළ පරිවර්ථන ලේඛන කඩිනමින් අභියාචක විත්තිකරුවන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස සොලිසිටර් ජෙනරාල්වරියට දැනුම් දී තිබේ.

ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම් විභාගය ජනවාරි මස 20 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කලේය.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved