Connect with us

පුවත්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 

Published

on

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (24) කොළඹ, ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී (ICTA) ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ප්‍රධාන අභියෝග සහ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර අදාළ පාර්ශ්වකරුවන් විසින් අදහස් හුවමාරු කර ගැනීම සහ මතුව ඇති ගැටලු සඳහා ලබාදිය හැකි විසඳුම් හඳුනා ගැනීමද සිදු විය. 

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ  ජනාධිපති ප්‍රධාන උපදේශක සහ ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහ එහි අධ්‍යක්ෂ සංජය කරුණාසේන මහතා ද එක්ව සිටි අතර විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය පිළිබඳව ඔවුන් විසින් දීර්ඝ පැහැදිලි කිරීමක්  සිදු කරන ලදී.

ජනාධිපති අනුර කුමාර දිසානායත මහතාගේ දැක්මට අනුව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථික  වැඩසටහනට සමගාමීව, විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර එය විධිමත් කිරීම සහ ඒ පිළිබඳ ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබාදීම මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ අරමුණ විය.

පුවත්

කෙහෙළිය අත් අඩංගුවට

Published

on

By

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (07) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Continue Reading

පුවත්

අත්අඩංගුවට ගත් සිසුන්ට ඇප (UPDATE)

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේම සිසුන් හත් දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (07) දින නියෝග කළාය

ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදුකර හෝමාගම මූලස්ථාන පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.


(පෙර පුවත 2025 මැයි 07 පෙ.ව.10.13 )

ජ’පුර සිසුවාට පහර දුන් 06ක් අත්අඩංගුවට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ,23, 24 යන වයස්වල පසුවන සිසුන් බව වාර්තා වේ.

පහර කෑමට ලක් වූ ශිෂ්‍යයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්තඩංගුවට ගෙන ඇත.

ඔහු විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ලේ සදහන් වන්නේ තමන් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් තමා හට හෙල්මට් වලින් හා අතින් පයින් පහර දී තුවාල සිදු කළ බවය.

අදාළ පැමිණිල්ලට අනුව පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සදහන් කර තිබේ.    

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අද CIDය හමුවේ පෙනී සිටිය නොහැකියි (UPDATE)

Published

on

By

පෙර දැනුම්දීම අනුව අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය නොහැකි බව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා පවසා තිබේ.

මේ අතර ඔහු ඊට වෙනත් දිනයක් දෙන ලෙසත් ඉල්ලීමක් කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය. 


(පෙර පුවත 2025 මැයි 07 පෙ.ව.10.33 )

තුසිත හල්ලොලුව අද CIDයට

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමකට අදාළ පැමිණිල්ලකට අනුව සිදු කරන විමර්ශනයකට එම ප්‍රකාශය සිදු කළ තුසිත හල්ලොලුව මහතාව අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඔහු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කලේය.

උදෑසන 10.00 වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස ඔහුට දැනුම්දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ (06) නිවේදනය කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, එකී ප්‍රකාශයෙන් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටලු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදුව ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(06) වගන්ති ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙන බවයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කර ඇත.

තුසිත හල්ලොලුව නමැති අය විසින් සිදු කර ඇති එම අසත්‍ය ප්‍රකාශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කීර්තිනාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බව ද එම පැමිණිල්ලෙහි සඳහන්ය.

තුසිත හල්ලොලුව යන අයට එරෙහිව සහ එකී ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදු කර නීත්‍යනුකූල පියවර ගන්නා මෙන් ද මෙම පැමිණිල්ල මඟින් ඉල්ලා තිබේ. 

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved