පුවත්

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට තාර බර හරස් වෙයි

Published

on

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමේදී එහි තාර බර සම්බන්ධයෙන් ගැටලු මතුව ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය අනුව ත්‍රිරෝද රථයක් ලෙස ලියාපදිංචි කිරීමට එහි තාර බර කිලෝ ග්‍රෑම් 500ක් විය යුතු අතර සාමාන්‍ය ත්‍රිරෝද රථයක තාර බරට සාපේක්ෂව විද්‍යුත් ත්‍රිරෝද රථවල තාර බර වැඩි බැවින් එය ත්‍රිරෝද රථ කාණ්ඩයේ ලියාපදිංචි කිරීම මේ වන විට ගැටළුවක්ව පවතී.

එමෙන්ම පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථයක් විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වන පරිදි පරිවර්තනය කිරීමේදී ඒ සඳහා විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කරන අතර එවැනි ත්‍රිරෝද රථ වල තාර බර කිලෝ ග්‍රෑම් 500 ඉක්මවන බව හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් විදුලි බලයෙන් ධාවනය කළ හැකි ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

මෙම ගැටලුව මගහරවා ගැනීමට විද්‍යුත් ත්‍රිරෝදරථවල තාර බර කිලෝ ග්‍රෑම් 600ක් වන ලෙස සංශෝධනයට කර ලියාපදිංචිය සඳහා පවතින බාධාවන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

සබැඳි පුවත්  :

Trending

Exit mobile version