පුවත්

විද්‍යුත් වාහන බලපත්‍ර සම්බන්ධයෙන් කාලය දික්කිරීමක්

Published

on

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

මෙම යෝජනා ක්‍රමය යටතේ විද්‍යුත් වාහන ආනයනය සඳහා පදනම් වී තිබුණේ 2022-05-01 සිට 2022-12-31 දක්වා කාලසීමා තුළදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ප්‍රේෂණය කරනු ලැබූ විදේශ විනිමය ප්‍රමාණය පදනම් කරගෙනය.

කෙසේවෙතත්, එම කාලසීමාව තුළදී ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය අනුව ඔවුන්ට අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවකාශ නොසැලසෙන බව පෙනී ගොස් ඇති බැවින් එම කාලසීමාව  2023-09-15 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Trending

Exit mobile version