පුවත්

විදුලිබල පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම සංශෝධන සහිතව සම්මතයි

Published

on

කාරක සභා අවස්ථාවෙන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය. 

ඒ ඡන්ද විමසීමකින් ද තොරවය.

කෙසේවුවද, ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් සිදුකෙරුණි.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් සහ විරුද්ධව ඡන්ද 59ක් හිමිවිය.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 44කින් සම්මත වූ බවය. 

ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ කටයුතු ආරම්භ කෙරුණි.

Trending

Exit mobile version