විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතියයෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අද (08) කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
X සටහනක් එක් කරමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙම සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පත මේ සතියේ ගැසට් කර අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු පවසයි.
එම පනත් කෙටුම්පතට අභියෝග කිරීමට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දින සිට සති දෙකක කාලයක් මහජනයාට හිමිවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.