ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල් ප්‍රියන්ත මහතා ඉල්ලා අස්වූ බව නිවේදනය කර තිබුණි.
දරුවන්ට පාඩම් කිරීමට කුප්පි ලාම්පු එළිය ප්‍රමාණවත් බවට ප්‍රියන්ත මහතා පසුගියදා මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් මහත් ආන්දෝලනයක් ඇති කළ අතර, ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය කනගාටුව පළ කර තිබුණි.
ප්‍රියන්ත මහතා සිය ඉල්ලා අස්වීම ලබාදුන් බවත්, සිය ප්‍රකාශයට ජනතාවගෙන් සමාව ඉල්ලා ඇති බවත් විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වය තමාට දැන්වූ බව පවසන අමාත්‍යවරයා, වැඩිදුරටත් පවසා ඇත්තේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් නිසි පියවර ගැනෙනු ඇති බවයි.
තවද, මෙම ප්‍රකාශය රජයේ හෝ ලංකා විදුලිබල මණ්ඩලයේ මතය නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේද දැඩි ලෙස විවේචනයට ලක්වූ අතර, ඒ ගැන සොයා බලා විනය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.