විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සිකුරාදා (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ.ඩී.කේ.පරාක්‍රමසිංහ මහතා පවසයි.
එය සකස් කිරීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ මේවන විට පවතී.
පැවති ක්‍රමවේදයට අනුකූලව 06% සිට 11% දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කෙරුණි.
එය ප්‍රතික්ෂේප කරමින් මහජන උපයෝගීතා කොමිසම දැනුම්දී තිබුණේ 2025 වසරේ මුල් මාස 06 පිළිබඳ සළකා ගාස්තු සංශෝධන යෝජනාව යළි සකස් කර එවන ලෙසය.