උත්සව සමයේ නඩත්තු කටයුතු වෙනුවෙන් විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අවධාරණය කර සිටී.
රාජ්‍ය අමාත්‍යවරයා විසින් සඳහන් කරනු ලැබූ පරිදි ලබන 22 වනදා දක්වා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
අලුත් අවුරුදු සමය තුළ විවිධ උත්සව සංවිධානය කිරීම හේතුවෙන් මෙන්ම ව්‍යාපාරික ස්ථානවල කටයුතු සිදු කර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.