පුවත්

විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩරයක් ඉන්දීය සමාගමට

Published

on

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධන කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2022.3.7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව එම සමාගම විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කරනු ලැබ තිබේ.

එකී කමිටුවේ නිර්දේශ මත පදනම්ව  යෝජිත ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝවොට් පැයකට ඇමරිකා ඩොලර් ශත 8.26ක අගය ( සැබෑ විනිමය අනුපාතය අනුව ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත් වසර විස්සක කාල සීමාවක් සඳහා M/s Adani Green Energy Limited වෙත විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩරය පිරිනැමීමටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

( ලංකාදීප )

Trending

Exit mobile version