පුවත්

විදුලිය හා ඛනිජ තෙල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්වේ

Published

on

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබේ.

මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් ඊයේ ( (04) නිකුත් කරන ලදී.

මේ අනුව මෙම ගැසට් නිවේදනය මගින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්,දෙපාර්තමේන්තුවකින්,පළාත් පාලන ආයතනයකින්,සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙම සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර ඇත.

Trending

Exit mobile version