විදුලිසැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මදුරන්කුලිය පොලිස් වසමේ, සීමරගම, කොත්තත්තිව් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16ක සිසුවෙකි.
මෙම සිසුවා නිවසේ තිබූ විදුලි උපකරණයක් විදුලි පේණුවට සම්බන්ධ කිරීමට යෑමේදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
ඊයේ (01) දහවල් කාලයේ දී මෙම අනතුර සිදුව ඇතැයි මදුරන්කුලිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.