පුවත්

විදුලි කාන්දුවකින් කොටගල කඩ තුනක් ඉවරයි!

Published

on

හැටන් කොටගල නගරයේ ගෘහ භාණ්ඩ අලෙවි සැලක ඊයේ (05) රාත්‍රියේ හටගත් ගින්නකින් එම වෙළෙඳසැලට අයත් තවත් වෙළෙඳසැල් තුනක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.

රාත්‍රි 10ට පමණ වෙළෙඳ සැලෙහි අයිතිකරු සිය බිරිඳ සමග වෙළෙඳ සැලෙහි උඩු මහලේ රැඳී සිටිය දී පහළ මහලෙන් එකවරම ගින්නක් හටගෙන ඇති බවත්, පසුව ඔවුන් දෙදෙනා නිවසින් පිටතට පැමිණ ඇති බවත් පොලිසිය කියා සිටියේය.

පැතිර යමින් තිබු ගින්න කොටගල නගරයේ වෙළෙඳුන්, දිඹුල පතන පොලිසියේ නිලධාරින්, කොටගල යුද හමුදා කඳවුරේ භට පිරිස් සහ වතු කම්කරුවන් එක්ව දැඩි උත්සහයක් දරා පාලනය කිරීමට සමත්ව තිබේ.

ගින්න පාලනය කිරීමෙන් අනතුරුව නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ භට පිරිස් එම ස්ථානයට පැමිණිමත් සමඟ එම ස්ථානයේ රැඳී සිටි පිරිස් ප්‍රමාද වී පැමිණීම සම්බන්ධයෙන් සිය විරෝධය දැක්වීමේ සිද්ධියක් ද මේ අතර වාර්තා වේ.

ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්නට හේතු ව විදුලි කාන්දු වීමක් බවට ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය පැවසීය.

Trending

Exit mobile version