පුවත්

විදුලි ගාස්තු වල යළි සංශෝධනයක් නෑ – ඇමති

Published

on

මාධ්‍ය වාර්තා වල දැක්වෙන පරිදි විදුලි ගාස්තු යළි සංශෝධනය නොවන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

X පණිවිඩයක් නිකුත් කරමින් ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ රජයේ ප්‍රතිපත්තිමය තීරණය වන්නේ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී වසරකට දෙවතාවක් විදුලි මිල සංශෝධනය කිරීම බවයි.

තවද නියමිත විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා දිවයිනේ අඛණ්ඩව විදුලිය සැපයීමට ලංවිම සැලසුම් කර ඇති බවත් දැනට ක්‍රියාකාරීත්වයේ පවතින සියළු බලාගාර, විදුලිබල උත්පාදනය සඳහා සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version