පුවත්

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද

Published

on

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම අද (09) දිනයේ සිදුකිරීමට නියමිතය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ විදුලි බල පනතට අනුව මේ වසරේ විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිත අතර ඊට පෙර මෙම මහජන අදහස් විමසීම සිදුකරන බවය.

ඒ අනුව අද පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී වාචික මහජන ලබා ගැනීමේ සැසිය සිදුකිරීමට නියමිතය.

අද දිනයේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විවිධ විදුලි පාරිභෝගික කණ්ඩායම්, කර්මාන්ත හා සංවිධාන නියොජනය කරමින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ලියාපදිංචි වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි

මහජන අදහස් විමසීම අවසන් වූ පසු ජුලි මස15 වන දින විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසාන තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

Trending

Exit mobile version