යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව අද (01) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මේ සම්බන්ධ අවශ්‍යතා, යෝජිත තීරුබදු ව්‍යුහය, බලශක්ති පුරෝකථනය සහ මූල්‍ය කරුණු පිළිබඳව අමාත්‍යවරුන්ව දැනුවත් කළ බවත්, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියි.
කෙසේවෙතත්, මෙම යෝජනා පිළිබඳ නිරීක්ෂණ කිරීමට අමාත්‍ය මණ්ඩලය සඳහා සතියක කාලයක් ලබාදුන් බවට එහි වැඩිදුරටත් දැක්වේ.