Connect with us

පුවත්

විදුලි බිල අඩුවෙන හැටි

Published

on

විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ මහජන අදහස් විශ්ලේෂණයෙන් අනතුරුව ජූලි 15 වැනිදා ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බව මහජන උපයොගීතා කොමිසම පවසයි.

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසා සිටියේ පෙර ලියාපදිංචි වූ විවිධ ක්ෂ්ත්‍ර නියෝජනය කරන නියොජිතයින් 46 දෙනෙකුගෙන් මේ සඳහා අදහස් ලබාගත් බවය.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියේදී සිදුකරන විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාවලට අනුව සමස්තයක් ලෙස අඩුවන ගාස්තු ප්‍රතිශතය 13.8%කි.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයට 25.5%ක ගාස්තු අඩුවීමක් සහ ආගමික සහ පුණ්‍යායතනවලට 3%ක අඩුවීමක් සිදුවනු ඇත.

කෙසේ වෙතත්, මෙම යෝජනාවලට අනුව හෝටල් සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ගාස්තු අඩුවීමක් යෝජනා කර නැත.

යෝජිත ගෘහස්ථ විදුලි ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0 සිට 30 දක්වා විදුලි ඒකකයක් වෙනුවෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 08 සිට 06 දක්වා අඩු කිරිමට යෝජනා වි තිබේ.

ඒකක 31 සිට 60 දක්වා ඒකකයට අය කෙරෙන ගාස්තුව රුපියල් 20 සිට 09 දක්වා අඩුකර තිබෙන අතර විදුලිබල මණ්ඩලයේ යෝජනාවලට අනුව ගෘහස්ථ විදුලි පාරිභෝජනය තවත් කාණ්ඩ කිහිපයකට වෙන්කර තිබෙන බව සඳහන්ය.

ඒ අනුව විදුලි ඒකක 60 ට වඩා පරිභෝජනය කරන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් ඒකක 0 සිට 60 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 25 සිට 15 දක්වා අඩුවනු ඇත.

ඒකක 61 සිට 90 දක්වා භාවිත කරන ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට යෝජනා වී තිබේ.

විදුලි ඒකක 91 සිට 120 දක්වා පරිභෝජනය කරන විදුලි ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 30 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති අතර, ඒකක 121 සිට 180 දක්වා භාවිත කරන විදුලි ඒකක වෙනුවෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 50 සිට 42 දක්වා අඩු කෙරෙනු ඇත.

ඒකක 181ට වැඩියෙන් භාවිත කෙරෙන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් ඒකකයකට අයකෙරෙන ගාස්තුව රුපියල් 75 සිට 65 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙන බවට වාර්තා වේ.

පුවත්

අදත්  තද වැසි

Published

on

By

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ  ප්‍රදේශවල අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

දකුණු සහ බස්නාහිර පළාත්වලත් පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.

මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්

Published

on

By

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද දිනය තුළ සිය සේවා ස්ථානයේ දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවන බවය.

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු පසුගිය 24 වන දින ආරම්භ වූ අතර 25 සහ 28 යන දිනවල දී ද ඒ සඳහා අවස්ථාව හිමිවුණි.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද දිනයෙන් අවසන් වීමට නියමිතව තිබේ.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, මේ වන විට සියයට 90ක් පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැර අවසන් බවය.

Continue Reading

පුවත්

රජයට රුපියල් මිලියන 400ක් පාඩු කළ ගුවන්පාලම

Published

on

By

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ පිළිබඳ ඊයේ (28) හෙළිදරව් කළේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුවය.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති ගුවන් පාලම් 3න් බාලදක්ෂ මාවත ඔස්සේ ඉදිවෙමින් පවතින ගුවන් පාලම කොම්පඤ්ඤවීදිය පොලිස් පැරණි නිල නිවාස හරහා ඉදිකිරීමට සැලසුම්කර තිබේ.

ඒ අනුව නිල නිවාස 6ක් කඩා ඉවත්කිරීමට සිදුව ඇති අතර ඒ හේතුවෙන් වසර දෙකක් පමණ එම ව්‍යාපෘතිය ප්‍රමාද වී තිබුණි.

ව්‍යාපෘතිය කඩිනම් කර ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද එහි නිරීක්ෂණයක නිරත විය.

එහිදී අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා,

“ගොඩනැගිලි 6ක් කඩා ඉවත්කරන්න සිදුවෙනවා. එම ගොඩනැගිලිවල පදිංචි වී සිටින ගොඩක් නිලධාරීන් පොලීසියේ සහ ආණ්ඩුවේ ඉල්ලීම මත වෙනත් ස්ථානවලට ගිහින් තිබෙනවා. නමුත් සීමිත පිරිසක් තවමත් රැඳී සිටි නිසා ඒ නිසා ඉදිරිකිරීම් කටයුතු වසර දෙකක කාලයක් ප්‍රමාද වෙලා තියෙනවා. මේක ප්‍රමාදවීම නිසා දිනකට රුපියල් ලක්ෂ 5ක අමතර මුදලක් රජය දැරිය යුතුයි. දැනට රුපියල් මිලියන 400කට අධික මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙව්වා. දැනට පදිංචි වී සිටින පවුල්වල අයට කිසිම අගතියක් වෙන්නේ නැතුව තාවකාලික ස්ථාන ලබාදෙනවා යන්න. අපි උපරිම මාස එකහමාරක් ඇතුළත ඒ අයටත් ස්ථීර ස්ථාන ලබාදෙනවා.”

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved