විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට ඊට අදාළ දත්ත සමාලෝචනය අවසන් කර ඇති බවය.
ඒ අනුව කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල අඩුකර යුතුදැයි අද (04) දිනයේ අවසන් ගණන් තැබීම් සිදු කරන බවද විදුලි බල මණ්ඩලය පවසයි.
සංශෝධිත යෝජනාවලිය භාර දීමෙන් පසු මහජන උපයෝගීතා කොමිසම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇත.
ලංකා විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කිරීම සඳහා මීට පෙර යෝජනාවලියක් ඉදිරිපත් කළද එය සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන්නැයි මහජන උපයෝගීතා කොමිසම දැනුම් දුන්නේය.
නව සංශෝධිත යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන්නේ ඒ අනුවය.