පුවත්

විදුලි බිල යළිත් ඉහළට..?

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව විදුලිබිල යළි සියයට 30කින් ඉහළ දැමිමේ සැලසුමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සන්ධානය පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා මේ බව කියාසිටියේය.

ඔහු පවසන පරිදි පසුගිය 15 වනදා සිට විදුලිබිල සඳහා සමාජ ආරක්ෂක බද්ද ලෙස රුපියල් 2.56ක මුදලක් එකතු කර තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පවසා ඇත.

15 වෙනිදා සිට 2.56%ක සමාජ ආරක්ෂණ බද්දක් වැඩිකරලා තියෙනවා. ඒක රටේ ජනතාව දන්නේ නෑ. ඒක බිලට ඇඩ් කරලා තියෙන්නේ වෙනම පෙන්වන්නේ නෑ.

අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව එවැනි වටපිටාවක තමා IMF එකෙන් යෝජනා කරනවා කියලා කියන්නේ නැවත වතාවක් විදුලි බිල 30%කින් පමණ වැඩිකරන්න කියලා. ආණ්ඩුව ජනතාවගේ බඩගින්නට වගකියන්නේ නෑ.”

Trending

Exit mobile version