පුවත්

විදුලි බිල වැඩි නොකළොත්, 2023දී පැය 6-8ක විදුලි කප්පාදුවක්!

Published

on

විදුලි බිල වැඩි නොකරන්නේ නම්, ලබන වසරේ දිනකට පැය 6 – 8ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදු වන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ අද (06) පාර්ලිමේන්තුවේදීය.

මේ අතර, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමතිවරයා ඊයේ (05) දිනයේදී පවසා තිබුණේ, ලබන වසරේදී බිඳවැටීම් රහිත විදුලිබල සැපයුමක් ලබාදීම සඳහා විදුලි ඒකකයක පිරිවැය රු. 56.90ක් වනු ඇති බවයි.

වත්මන් සාමාන්‍ය ගාස්තුව රු. 29.14 ක් වන අතර, සමස්ථ හිඟය රු. බිලියන 423.5 ක් ලෙස ගණන් බලා ඇති බවත්, ලංවිම බිල්පත් දත්ත වලට අනුව ගෘහස්ත පාරිභෝගිකයින් 6,709,574ක් සිටින බවත් ඔහු වැඩිදුරටත් දක්වයි.

Trending

Exit mobile version