ලංකා විදුලි සේවක සංගමය මඟින්, විදුලිබල මණ්ඩලය විකිණීමට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා සියලුම විදුලි සේවකයින් අද (21) කොළඹට කැඳවා ඇති බව වාර්තා වේ.
එහි සභාපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ, දහවල් 1.00ට විහාර මහාදේවි එළිමහන් රංගපීඨයේ දැවැන්ත විරෝධතා වෘත්තීය සමිති ඒකාබද්ධ සමුළුවක් පවත්වා ඊට එරෙහිව ඉදිරියේදී ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බවය.
රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් පැවසුවේ, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කර පෞද්ගලික සමාගම් 15කට විකිිිණීමට ආණ්ඩුව සුදානම් කර තිබීමත්, ප්‍රතිව්‍යුහගතකරණය යන නමට මුවාවෙන් ලංකා විදුලිබල මණ්ඩලය වැනි දැවැන්තයෙක්, ජාතික ආරක්ෂාව ගැන නොතකා විදේශ සමාගම් අතට පත්කිරීම බරපතළ අවදානමක් හේතුවෙන් මෙය පවත්වන බවයි.
තවද අවශ්‍ය වුවහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑම සඳහා වන යෝජනාවක් අද සමුළුවේදී සම්මත කරගැනීමට නියමිත බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
අද දින සමුළුවට ලංකා විදුලිබල මණ්ඩලයේ අතවශ්‍ය බිඳවැටීම් හා බලාගාර පවත්වාගෙන යන සේවකයින් හැර අනෙක් සියලුදෙනා ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹ විහාරමහාදේවි රංගපීඨයට පැමිණීමට නියමිතය.