Connect with us

පුවත්

විදුලි සේවකයින් හෙට සිට විරෝධතාවයේ

Published

on

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ, අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට දැනුම් දෙන බවය.

“කාංචනට ඕනේ රනිල් එක්ක එකතුවෙලා මේක විකුණන්න. පාර්ලිමේන්තුවේ දී හිතුවක්කාර විදියට මේක සම්මත කරනවා නම්, එදාට ලංකා විදුලිබල මණ්ඩලයේ දැවැන්ත වර්ජනයකට යනවා. අපි ඒකමතික තීන්දුවක් ගත්තා තෙදිනක් ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පවත්වන්න. වහාම මේ වනත හකුළ ගනින් කියලා. නොසලකා හිටියොත්, අපි විවෘත අභියෝගයක් කරනවා කාංචනට. පුළුවන් නම් මේක පාර්ලිමේන්තු ගේන්න. එදාට අපි ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් අපි දොරකොඩට ගේනවා.”

මේ අතර, නව ධීවර පනත හරහා සිය කර්මාන්තය අර්බුදයට ලක්ව ඇති බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ ප්‍රකාශ කළේය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved