Connect with us

පුවත්

විදුහල්පති ඉදිරියේ ගුරුවරයෙක් ගුරුවරියකට පහර දෙයි

Published

on

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක ගුරුවරයෙකු විසින් ඊයේ (7) ගුරුවරියකට පහරදීමක් සිදුකර තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි මහත්මිය අද (8) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඉල්ලා සිටියේ, ඊට වහාම පියවර ලෙසය.

අදාළ පහරදීම විදුහලේ විදුල්පතිතුමිය ඉදිරියේ සිදුකර ඇති බවත්, පහරකෑ ගුරුවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ඇය මෙහිදී පැවසුවාය.

මෙම අවස්ථාවේදී නැගීසිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා සිටියේ, මෙම සිද්ධිය අද උදෑසන වාර්තා වූ බවය.

කෙසේ නමුත් මෙම පහරදීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඇය පැවසුවාය.

එමෙන්ම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දෙන බවත්, අද (8) දවස ඇතුළත එහි ප්‍රතිතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved