Connect with us

පුවත්

විදෙස්ගතව යළි නොආ ආචාර්යවරුන්ගෙන් බිලියන 2ක් පමණ අයවිය යුතුයි – කෝප්

Published

on

උසස් අධ්‍යාපනය සදහා වි‍දේශගව යළි නොපැමිණි ආචාර්යවරුන්ගෙන් රු. බිලියන 2කට ආසන්න මුදලක් අයවිය යුතු බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) පසුගියදා අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 28දා රැස්වූ මෙම කමිටුව, මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සහ උසස් අධ්‍යාපනයට අදාළ ගැටලු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා තිබිණි.

මෙහිදී කෝප් කමිටුව විසින් අවධානයට යොමු කළ මූලික කරුණු 10 ක් ඔස්සේ සාකච්ඡා කර තිබෙන අතර, උසස් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ රැසක් පිළිබඳව කෝප් කමිටුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නිර්දේශ ඉදිරිපත් කර තිබුණි.

උසස් අධ්‍යාපනය සදහා වි‍දේශගව යළි නොපැමිණි ආචාර්යවරුන් සම්බන්ධයෙන් නැගුණු සාකච්ඡාවේදී කමිටු සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දී ඇත්තේ අදාළ ඇපකරුවන්ගෙන් හෝ මෙම මුදල අයකර ගැනීමට කටයුතු කළයුතු බවයි.

මෙසේ විදෙස්ගතවූ ආචාර්යවරු 617 ක පිරිසකගෙන් 84 ක් පමණක් මේවන විට අදාල ගෙවීම් සිදුකළ බව මෙහිදී හෙළිවිය. ඒ අනුව මීට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව මසක් තුළ කෝප් කමිටුව දැනුවත් කරන ලෙස එම කමිටුව විසින් නිර්දේශ කරන ලදී.

තවද, වසරකට රු 90,000ක මුදලට විවෘත විශ්ව විද්‍යාලය මගින් මෘදුකාංග ඉංජිනේරු උපාධි පාඨමාලාවක් ආරම්භකොට ඇති බවත් මෙහිදී අනාවරණය වී ඇත. සාමාන්‍යයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක රු. මිලියන 2-3ක් පමණ වටිනාකමක් සහිත මෙම උපාධිය රු ලක්ෂ 3කට වඩා අඩු මුදලකට හැදෑරිය හැකි බවත් ‍විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපතිවරයා පෙන්වා දී ඇත. එබැවින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස කමිටු සාමාජිකයෝ කොමිෂන් සභාවට මෙහිදී උපදෙස් දී තිබේ.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved