Connect with us

පුවත්

විදෙස්ගත අපරාධකරුවන් 20ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

Published

on

විදේශවල සැඟව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 20ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් මේ වනවිටත් රතු නිවේදන නිකුත් කර ඇති බවය.

ඔවුන් සැඟව සිටින රටවල් ද  හඳුනාගෙන ඇති බවද  අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමග සම්බන්ධ වෙමින් එම පිරිස සම්බන්ධයෙන් විමර්ශන පුළුල් කර ඇති බවයි.

විදේශවල සැගව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 11ක් නව රජය බලයට පත්වූ දා සිට මේ දක්වා දිවයිනට රැගෙන විත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

ඔවුන්ට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ ය.

මේ අතර පුද්ගල ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ මෙරට රැඳී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද අඛණ්ඩව ක්‍රියාත්මකය.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව එම විමර්ශන ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පුවත්

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Published

on

By

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මහතා අද (08) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි මුහම්මදු සාලි නලීම් මහතාගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහාය.

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුව (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

ජූලි මස පළමුවන රැස්වීම් සතියේ පළමු රැස්වීම අද යි.

පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව. 10.00 – 11.00  කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2437/04 දරන ගැසට් නිවේදනයේ පළකර ඇති නියමයන් විවාදයට ගැනීමට නියමිතය.

Continue Reading

පුවත්

කතානායකට විශ්වාසභංගයක් 

Published

on

By

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් වන බවට ආරංචියක් පැතිර තිබේ.

මේ සඳහා විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ එකඟ වී ඇතැයි ද එම ආරංචි මාර්ග  වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අද (08) ස්ථිර  තීරණයකට එළඹීමට නියමිත බවද පැවසේ.

කතානායකවරයා ලබාගෙන ඇතැයි පැවසෙන යම් යම් පහසුකම් සම්බන්ධයෙන් කොළඹදී ඊයේ (07) පැවැති සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදීද ඇතැම් මන්ත්‍රීවරුන් විවේචනාත්මකව කතා කර ඇතැයි ද වාර්තා වේ.

තමන්ට හිමි  පහසුකම් වලට අමතරව වෙනත්  පහසුකම්ලබාගැනීම, ධූරයේ බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ ආණ්ඩු පක්ෂයට වැඩි පක්ෂග්‍රාහීත්වයෙන් කටයුතු කිරීම යනාදී චෝදනා පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරුණු ඇතැයි දැනගන්නට ඇත.

දයාසිරි ජයසේකර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්  ගණනාවක් පසුගිය කාලයේදී මැතිසභයේදීද කතානායකවරයා දැඩි ලෙස විවේචනය කරනු දැක ගත හැකිවිය.
සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved