පුවත්

විදෙස්ගත ශ්‍රමිකයින්ට හරි විදිහට සල්ලි එවන ක්‍රමයක්!

Published

on

විගමනික ශ්‍රමිකයින් හට නීත්‍යානූකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඔවුන්ට අමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් ද, අමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ද ආනයනය කිරීමට සඳහා පහසුකම් ලැබේ.

එහිදී 2023.04.30 වන දින දක්වා හෝ වාහනයක් ආනයනය කිරීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන දින දක්වා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් ආයනයට අවසර හිමිවේ.

2022.05.04 වන දින සිට 2023.12.31 වන දින දක්වා මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද හතරක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා ද අවසර හිමිව තිබේ.

Trending

Exit mobile version